Friday, November 10, 2017

4. ටීවී එකට රණ්ඩුවක්....

ඔන්න දවසක් රෑ වුනා. ටිකිරි ගිහින් නාගෙන ආවා. කවිදුත් නාගෙන ආවා. ඇවිත් දෙන්නම කෑම අරං ටීවී එක ළගට ගියා. ගිහින් දෙන්නම එක පුටුවේ ඉඳගත්තා. දැන් දෙන්නම කසාද බැඳලනේ. ඒක හින්දා එක පුටුවේ ඉඳගන්න එපැයි. 

ඊට පස්සේ ටිකිරි රිමෝට් එක ගත්තා. කවිඳු කිව්වා, 
‘අනේ ටිකිරි... මට ඕනෙ එක බලන්න ඕනේ....’. 
එතකොට ටිකිරි කිව්වා, 
‘මට ඕනෙ එකයි බලන්න ඕනේ’ කියලා. 
‘මට ප්‍රවෘත්ති බලන්න ඕනේ....’ කවිඳු කිව්වා. එතකොට ටිකිරි කිව්වා 
‘ ඔයා නෙමේනේ ඉස්සෙල්ලා රිමෝට් එක ගත්තේ...’. ඔහොම දෙන්නා අතරේ රණ්ඩුවක් ගියා. ඊට පස්සේ ටිකිරි පැහැසරා දැම්මා. එතකොට කවිදු රිමෝට් එක උදුරලා ගත්තා. ටිකිරි කිව්වා, 
‘මේ.. කවිඳු... මගේ පැහැසරා එකේ නං ගොඩක් දේවල් යනවා. ඔයාගේ ඔය ප්‍රවෘත්ති එකේ මොනාද? කබරයිනේ පෙන්නන්නේ... මගේ පැහැසරා එකේ නං සතුටු දේවල් යන්නේ.. ඒවා බැලුවම හිනාත් යනවා... ඔයාගේ එකේ මොනාද? ඔය එක එක රටවල් ඒවා මේවා බලනවා... වැඩක් නෑ කවිඳු ඕවා..’ කියලා. 
ඊට පස්සේ කවිඳු කිව්වා ‘අනේ ටිකිරි... ඔයාගේ ඒවා මොනවද? මගේ එකේ රටවල් වල වෙන ඒවා සේරම තියෙනවා... මොනාද ඔයාගෙ එකේ තියෙන්නේ? වැඩක් නෑ... ඔය නැවේ ගේන ඒවා අත්අඩංගුවට අරං.... ඒවා ඔයාගේ එකේ තියෙනවද? පිස්සු කතා....’

දැන් දෙන්නා රණ්ඩුවක්. ඊට පස්සේ ටිකිරි රිමෝට් එක උදුරලා අරං ආයෙ පැහැසරා දැම්මා. කවිඳු ආයෙ රිමෝට් එක උදුරලා අරං ආයෙ ප්‍රවෘත්ති දැම්මා. දැං කවිඳුගේ ෆ්පෑෂ්බෑක් පටන් ගන්නත් ළඟයි. ප්‍රවෘත්තිත් ඉවර වෙන්න ළඟයි. පැහැසරාත් ඉවර වෙන්න ළඟයි. දැන් මේ ආදරේ පටන් ගන්න යන්නේ. 

එතකොටම ටිකිරි රිමෝට් එක ආපහු උදුරලා අරං පැහැසරා දැම්මට ඒක ඉවර වෙලා. එතකොට කවිඳු ආපහු රිමෝට් එක උදුරලා අරං ප්‍රවෘත්ති දැම්මම ඒකත් ඉවර වෙලා.  යන්නේ ෆ්ලෑෂ්බෑක්. ටිකිරි කිව්වා 
‘අනේ ඔය ෆ්ලෑෂ්බෑක් එක මොකටද? ඔය ගහගන්න ඒවා...? බලන්නකෝ මගේ මේ ආදරෙයි එකේ... ෂෝක් ඒවා යන්නේ ඈ? මගේ මේ ආදරේ එකේ රමන් කියලා එක්කෙනෙකුත් ඉන්නවා.... ඔයාගේ එකේ කට්ටියට නමුත් නෑ....’ කියලා. 
දැන් ඉතින් දෙන්නා රණ්ඩුව. ටිකිරි තව කතාවක් බලනවා. මොකද්ද අර කූඹියගේ එක? කූඹියෝ.. එතකොට ටිකිරි කතා තුනක් බලනවා.  කවිඳුත් කතා තුනක් බලනවා. 

ඔහොම දෙන්නා රණ්ඩු වෙලා කවිඳු ටිකිරිට ගැහුවා. ටිකිරි කවිඳුටත් ගැහුවා. ටිකිරිට ඉතිං රිදෙනවනේ.  ඕක එයාලගේ ලොකු මහප්පට ඇහුනා. ලොකු මහප්පා ටක් ගාලා ඇවිල්ලා 
‘මොකද ඔය දෙන්නා ටීවී එකට රණ්ඩු වෙන්නේ?
‘අනේ මේ බලන්නකෝ මෙයා මං බලන එකට......’
‘නෑ ලොකු මහප්පේ.. මෙයා මට බලන්න දෙන්නෑ....’
ටිකිරියි කවිඳුයි කියනවා. ලොකු මහප්පා කිව්වා ‘හරි හරි... ඔහොම රණ්ඩු වෙන්න එපා... දැන් ඔය දෙන්නම එකක් බලන්න... ටීවී දෙකක් නෑනේ.. එකයිනේ තියෙන්නේ... එකක් බලන්න..’
‘එහෙනං මොකද්ද බලන්නේ?’ දෙන්නා ඇහුවා.
‘මුලින්ම පැහැසරා බලන්න.. ඊළඟට කඩිසර කූඹියෝ බලන්න.... ඊට පස්සේ මේ ආදරේ බලන්න....’

කවිඳුටත් ඒක පිළිගන්න වුනා. ඒ වුනාට ඊට පස්සෙත් දෙන්නා රණ්ඩු වුනා. කවිඳු ටිකිරිව කෙනිත්තුවා. ඒ වුනාට ටිකිරි කවිඳුව කෙනිත්තුවේ නෑ.
ඒ ගමන ටිකිරි කවිඳුලගේ ලොකු නැන්දට කතාකලා. ලොකු නැන්දා ටක් ගාලා දුවගෙන ආවා. 
‘ඇයි ටිකිරි මට කතාකලේ?’
‘මෙන්න මේ කවිඳු මාව කෙනිත්තුවා’
එතකොට කවිඳු කිව්වා ‘අනේ මං කෙනිත්තුවේ නෑ.. මේ ටිකිරි තමයි කෙනිත්තුවේ...’
ඒ ගමන ලොකු නැන්දා කිව්වා ‘හරි ඔය දෙන්නා රණ්ඩු වෙලා දැන් උදේ වෙන්නත් ළඟයි..’

බැලින්නං පැහැසරායි කූඹියෝයි ඔක්කොමත් ඉවර වෙලා උදේත් වෙලා. දැන් කවිඳුටයි ටිකිරිටයි හොඳටම නිදිමතේ. ඒ ගමන කවිඳුයි ටිකිරියි ඇඳට ගියා නිදියගන්න. එතකොට කවිඳු කියනවා.... 
‘අනේ ලොකුනැන්දේ  මට නං බෑ අද වැඩට යන්න... මං හොඳටම නිදිමතේ ඉන්නේ.’
ලොකු නැන්දා කිව්වා.. ‘ හරියන්නෑ කවිඳු... ඔයා විනාඩි දෙකක් පරක්කු වෙලා හරි යන්න ඕනේ... නැත්තං සල්ලි කොහෙන්ද?’ කියලා. 

දැන් කවිඳුට පැය බාගයක් නිදාගන්න පුළුවන් වුනා. ඊට පස්සේ නැගිට්ටා. ඔෆිස් යන්නත් එපැයි? කවිඳු බඩගින්නේ. ටිකිරි තාමත් හොඳටම නිදි. ඊට පස්සෙ කවිඳු ලොකු නැන්දගෙන් කන්න දෙයක් ඉල්ලුවා.
‘අන්න අතන මේ... බිස්කට් දෙකක් ඇති. ටිකිරිටත් එකක් තියලා කන්න’
ලොකු නැන්දා කිව්වා. ටිකිරි නිදි නිසා කවිඳු ලොකු නැන්දටත් හොරෙන් බිස්කට් දෙකම කාලා වැඩට ගියා. ඒ ගිහින් හවස ආවා. ඒ එද්දි ටිකිරි ඇහැරිලා බිස්කට් එක හොයනවා. 

ඒ ගමන කවිඳු ‘අනේ ටිකිරී.... මං ඔයාගේ බිස්කට් එකත් කෑවා... අනේ තරහා ගන්න එපා ටිකිරී...’ කිව්වා. එතකොට ටිකිරි කිව්වා ‘කවිඳු... මට සල්ලි දෙන්න ගිහින් බිස්කට් එකක් ගේන්න...’ කියලා. ඒ බිස්කට් එක සීයේ මාරි එකක්. කවිඳු ගාව සීයක් තිබ්බේ නෑ. ‘අනේ ටිකිරි මං ගාවනං විස්සක් තියෙනවා....’ දැං ටිකිරිට හෙන තරහා.....



No comments:

Post a Comment