Sunday, November 5, 2017

1. ටිකිරිගේ මගුල් ගෙදර

ඔන්න එකමත් එක රටක ටිකිරි කියලා ලස්සන ගෑණු ළමයෙක් චූටි ගෙදරක හිටියා. එයා හරි ආසයි හැඩවෙන්න. එයා දවසක් මල් ටිකක් කඩාගෙන ඔළුවට ගහගත්තා. එයාගේ අම්මයි තාත්තයි එයාට තීරණය කලා කසාදයකට.

එයා ඒකට අකමැති වුනා. එයා කිව්වා අම්මේ... තාත්තේ.... මට බෑ කසාද බඳින්න කියලා. ඒ වුනාට අම්මයි තාත්තයි ඒක පිළිගත්තේ නැහැ. එයා හොඳටම අඬන්න පටන් ගත්තා. ඒ වුනාට අම්මයි තාත්තයි මනමාලයෙන් හොයන්න පටන් ගත්තා.

 ඔන්න දවසක් අදීශ කියලා මනමාලයෙක් අම්මටයි තාත්තටයි හමුවුනා. අදීශ කියන්නේ සුදු බෝලයක් වගේ මනමාලයෙක්. අදීශ ඒකට කැමති වුනා. ඒවුනත් ටිකිරි අදීශට කැමති වුනේ නෑ. ටිකිරි කිව්වා අම්මේ... තාත්තේ... මට අදීශව කසාද බඳින්න බෑ... මට ඕන්නං වෙන කොල්ලෙක් හොයලා දෙන්න කියලා.   එකදවසක් අම්මටයි තාත්තටයි කවිදු කියලා තව මනමාලයෙක් හමුවුනා. ටිකිරි හා... මටනං එයාව හොදයි කියලා හොදටම සතුටු වුනා.

 ඔන්න දැන් කසාද බදින දවස ආවා. ටිකිරි ලැජ්ජාවෙන් මිරිකුනා. කොච්චර ලැජ්ජා වුනාද කියනවනං ටිකිරි කෑමවත් කෑවෙ නෑ. දැන් ටිකිරිට හොටම බඩගිනි වුනා. ටිකිරි ඒගමන කාටත් හොරෙන් කෑම ටිකක් කෑවා. ඒ කෑම රසයි. ඒ ගමන ටිකිරි හිතුවා බොරුවට ලැජ්ජා වෙලා වැඩක් නෑ. ඒක නිසා ඕන දෙයක් වෙච්චාවේ කියලා හොදටම කෑම කෑවා. මේක බලං හිටපු නෑදෑයින්ට හරිම පුදුමයි. ලැජ්ජාවෙන් හිටපු ටිකිරි හොදටම කෑම කෑවනේ.

 ඔන්න නැකත වෙලාව ළංවුනා. දැන් ටිකිරි මගුල් පෝරුව උඩට නගින්න යද්දි ටිකිරිට ආයෙ ලැජ්ජා හිතුනා. ඒත් ටිකිරිට මතක්වුනා එයා කෑම කෑව හැටි. ටිකිරි කවිදු දිහා බැලුවෙවත් නෑ. කොහොමහරි පෝරුවේ වැඩ ඉවර වුනා.

දැන් කැන්දං යන වෙලාව ලංවුනා. ටිකිරි කවිදුත් එක්ක බක්කි කරත්තෙට නැග්ගා. ඒ කරත්තෙ එලෙව්වේ සෝමසිංහ කියලා සීයා කෙනෙක්. ඒ කරත්තේ ලස්සනට හැඩ කරලා තිබුණා. කරත්තේ හරකටත් ලස්සන ඇදුමක් දාලා තිබුණා. ටිකිරි එච්චර ලස්සන කරත්තයක් දැකලම නෑ. ඒක නිසා ටිකිරිට පුදුමයි. ටිකිරි බක්කි කරත්තෙදි මනමාලයා දිහා ටිකක් බැලුවා. මනමාලයත් ගොඩාක් ලස්සන ඇදුමක් ඇදගෙන හිටියා. ටිකිරි මීට කලින් මගුල් ගෙල්වල ගිහින් තිබ්බට එච්චර ලස්සන මනමාලයෙක් දැකලම නෑ. ටිකිරි මනමාලයා දිහා ටිකක් බලලා ගස්සලා අහක බලා ගත්තා. ඔන්න කරත්තේ කවිදුලගේ ගෙදරට ආවා. ටිකිරි ලැජ්ජාවෙන් තමයි කරත්තෙන් බැස්සේ. ටිකිරි බිම බලාගෙනම කවිදුලගේ ගේ ඇතුලට ගියා.....

(ඊලඟ කොටසට......)

No comments:

Post a Comment