කවිදු
ගාව තියෙන්නේ රුපියල් 20 යි කිව්වාම ටිකිරිට තරහා ගියානේ. ටිකිරි කියනවා “කවිදු
එහෙම හරියන්නෑ.... බැංකුවට ගිහින් හරි මට සල්ලි ගෙනත් දෙන්න...” කියලා. කවිදු
කිව්වා “අනේ ටිකිරි මට ආයෙ බැංකුවට යන්න බෑනේ.... ඒ නිසා ඔයා අදට විතරක් සමාව දෙන්න.. අනික් දවසේ
මං බිස්කට් සේරම කන්නේ නෑ” කියලා. එතකොට ටිකිරි කිව්වා “අනික් දවසේ බිස්කට්
තියෙයිද දන්නෑනේ. ඒක හින්දා අද බැංකුවට ගිහින් සල්ලි ගේන්න..... “.
සල්ලි නෑ කියලා කවිදු බොරුවක් කිව්වේ. එයාගේ සල්ලි වියදම් කරන්න බැරි හින්දා බොරු වැඩවලට. ටිකිරි කවිදුගේ පර්ස් එක ඇරලා බැලුවා. බැලින්නං සල්ලි ගොඩක් තියෙනවා. පස්සේ ටිකිරි “කවිදු ඔයා මට බොරුවක් කියලා තියෙන්නේ... මේ තියෙන්නේ 100 කුයි 20 කුයි 1000 කුයි.... දැන් මගේ 100 දෙන්න” කිව්වා. ඒ ගමන කවිදු “මෙන්න ටිකිරි 100.... ඒ වුනාට මොකටද 100 ක්? ඔයාට මං දෙන්න තියෙන්නේ බිස්කට් එකයිනේ?... ඒකට මොකටද පැකට් එකක්ම ගන්නේ?” ඇහුවා. ටිකිරි කිව්වා... “දැං ඒවා ඒවා හරියන්නෑ. බිස්කට් එක එක ගන්න බෑනේ...? පැකට් එකක්නේ ගන්න පුළුවන්.. ඔයාම ගිහින් බිස්කට් එකක් ගේන්න.... ඔයානේ බිස්කට් එක කෑවේ?” කියලා.
සල්ලි නෑ කියලා කවිදු බොරුවක් කිව්වේ. එයාගේ සල්ලි වියදම් කරන්න බැරි හින්දා බොරු වැඩවලට. ටිකිරි කවිදුගේ පර්ස් එක ඇරලා බැලුවා. බැලින්නං සල්ලි ගොඩක් තියෙනවා. පස්සේ ටිකිරි “කවිදු ඔයා මට බොරුවක් කියලා තියෙන්නේ... මේ තියෙන්නේ 100 කුයි 20 කුයි 1000 කුයි.... දැන් මගේ 100 දෙන්න” කිව්වා. ඒ ගමන කවිදු “මෙන්න ටිකිරි 100.... ඒ වුනාට මොකටද 100 ක්? ඔයාට මං දෙන්න තියෙන්නේ බිස්කට් එකයිනේ?... ඒකට මොකටද පැකට් එකක්ම ගන්නේ?” ඇහුවා. ටිකිරි කිව්වා... “දැං ඒවා ඒවා හරියන්නෑ. බිස්කට් එක එක ගන්න බෑනේ...? පැකට් එකක්නේ ගන්න පුළුවන්.. ඔයාම ගිහින් බිස්කට් එකක් ගේන්න.... ඔයානේ බිස්කට් එක කෑවේ?” කියලා.
දැං
එයාලගේ පැත්තේ කඩයක් නෑ. ඊටපස්සේ කවිදු ටක් ගාලා විනාඩියකට බයික් එකට නැගලා කඩේට
ගියා. පස්සේ කවිදු බිස්කට් පැකට් එකක් අරං ගෙදර ආවා. කවිදු හොරෙන් ටොපිත් අරං ආවේ.
ඊට පස්සේ... “ටිකිරි මෙන්න ඔයා ඉල්ලපු බිස්කට් එක...” කියලා දුන්නා. ටිකිරි දැක්කා
එයාගේ අතේ ටොපි මුලක් තියෙනවා. “කවිදු ඔයා ටොපිත් ගෙනාවනං දැං ඉතිං මට ටොපිත්
දෙන්න...” කිව්වා. කවිදු කිව්වා “ටිකිරි ඉතිං මං ඔයාට ටොපි දෙන්න අවශ්‍ය නෑනේ....?
ඔයාට ඔය බිස්කට් පැකට් එකක්ම තියෙන්නේ. එක බිස්කට් එකකට පැකට් එකක්ම දීලා තියෙද්දි
මොකටද තව ටොපිත් ඉල්ලන්නේ?”
ඒ
ගමන ටිකිරි කිව්වා “ඒ වුනත් කවිදු මං හරි ආසයි ටොපි කන්න.... ඒ හින්දා මටත් ටොපි
දෙකක් දෙන්නකෝ” කිව්වා. “බිස්කට් කනවා මදිවට තව ටොපිත් ඉල්ලනවද?” කවිදු ඇහුවා.
ටිකිරි කිව්වා “අනේ කවිදු මං ඔයාට මගේ බිස්කට් පැකට් එකෙන් බිස්කටුත් දෙන්නං....
ඔයාට මට ටොපි දෙකක් විතර දෙන්න බැරිද?” ඇහුවා. කවිදු කිව්වා... “ටිකිරි එහෙමනං මට
බිස්කට් එකක් මදි. මට බිස්කට් 5 ක් ඕනේ...” කවිදු කිව්වා.
ටිකිරි
කිව්වා “කවිදු ටොපි දෙකකට බිස්කට් 5 ක් දෙන්නෙ මොකටද?”. ඒ ගමන කවිදු කියනවා “ටිකිරි මං ඔයාට ටොපි දෙකක්ම දුන්නනේ. ටොපිය
බිස්කට් එකට වඩා කොච්චර රහද?”. “ඒ වුනත්
කවිදු ටොපිය බිස්කට් එකට වඩා ලොකු නෑනේ...? ටිකිරි කිව්වා.
මෙතන
හෙන වාදයක් ගියා. කවිදු කිව්වා “අනේ ටිකිරි මට බිස්කට් 5 ක් දෙන්න” කියලා. ඒ ගමන
ටිකිරි කිව්වා “හරි දෙන්නං.. හැබැයි ඔයා මගේ බිස්කට් එක කෑවට සොරි කියන්න ඕනෙ”
කියලා. කවිදු කිව්වා” ටිකිරි අයිම් සොරි.... මං ආයේ ඔය වගේ නරක වැඩ කරන්නෙ නෑ.”
කියලා.
ඔය
වාදේ එයාලගේ ලොකු නැන්දා අහගෙන හිටියා. ලොකු නැන්දා කිව්වා. “කවිදු..? ටිකිරි..?
මොකද ඔය දෙන්නගේ වාදේ? ... ආයෙ එහෙනං කවිදු ඔයා ටිකිරිගේ දේවල් කන්න එපා.. ටිකිරි
ඔයත් මීට පස්සේ එක බිස්කට් එකකට පැකට් ගනං ඉල්ලන්න එපා.... ඔයාලා මේක හොදට අහගන්න....
කවිදු ආයෙ එහෙම ඔය දෙන්නා රන්ඩු වෙන්න එපා....
ඔය දෙන්නම වැරදියි.... මං මේක ලොකු බාප්පටත් කියනවා.... ලොකු බාප්පා ඔයාලා
ගැන හොදට බලාගනී....” කිව්වා.
කවිදු
යි ටිකිරියි හොදටම බය වුනා. ටිකිරි කිව්වා “කවිදු මට සමාවෙන්න... මං ආයෙ එහෙම
කරන්නෑ. ඒ වුනාට ඔයා අර බිස්කට් එක කාපු එකනං වැරදියි...” කියලා. ලොකු නැන්දා
කිව්වා හරි හරි ඒක දැන් ඔයාලා අමතක කරන්නකෝ. දැන් ටිකිරි ගිහින් ඇග හෝදගන්න.. දැන්
රෑවෙලත් එක්ක. ඊට පස්සෙ කවිදුත් ඇග හෝදගන්න” කියලා.
දෙන්නම
කෑමත් කාලා නිදාගන්න ගියා. නිදාගද්දි ටිකිරි ඉන්නෙ අයිනෙම. කවිදු ඉන්නේ මැද්දේ.
පස්සේ ටිකිරි කිව්වා. “කවිදු එක අසාදාරණයි.... ඔයා හැමදාම මැද්දෙනේ....? මම අයිනේ....
හෙට ඉදන් ඔයා අර අයිනේ ඉන්න. මං මේ අයිනේ ඉන්නං...” කියලා. ඉස්සෙල්ලා සොරි කිව්වට
ටිකිරිගේ තරහා තාම තියෙන හින්දයි එහෙම කිව්වේ. ඊට පස්සේ දෙන්නටම නින්ද ගියා.
මතු
සම්බන්ධයි.......